අසිරිමත් තෙමගුල සිදුවූවේ ලංකාවේද ?

                                                                     බුදු දහම යනු මේවන විට ලෝකය වැඩිම තර්ජනයට ලක්වූ ආගමයි ..මෙය නිදහස් ප්‍රායෝගික දහමක් නිසා මිෂණාරින් සහ බෞද්ධ නමින් පෙනී සිටිනා ඇතමුන්ද බුදු දහම අතුරු දහන් කිරීමට නොකරනා දෙයක් නැත .අන්‍යගමිකයන් මෙම ව්‍යාපරය ජයටම කරගෙන යනවාක් මෙන්ම බෞද්ධ ලේබල් ගසා සිටින්න වුන්ද හරි හරියට මෙම කාර්‍යට දායක වේ එසේ සදහන් කිරීමට හේතුව නම් කලින් කලට බුදු දහමට එක එක අර්ථකතන දෙන පුද්ගලයන් බිහිවීමයි .මෙසේ ක්‍රියා කරන පුද්ගලින් අතර ඉදිරියෙන්ම සිටියේ ගාල්ල වදුරඹ ප්‍රදේශයේ සිටින සිරිවර්ධන නැමැත්තායි .ඔහු ප්‍රකාශ කරන්නෙ ඔහු මෛත්‍රි බුදුන් වහන්සේ ලෙසයි .මීට අමතරම තමන් බුදු උනා යයි කියා ගන්න බොහෝ පිරිසක් සිටී .ඒ අතර කාන්තාවන් සිටීමද විහිලුවට කාරණයකි .තමාට හිතෙන දෙයක් හෝ සිහිනෙන් පෙනෙන දෙයක් විශ්වාස කිරීමට තමන්ට
අයිතියක් ඇත .ඒ ගන අපහට වාද කිරීමට අවශ්‍ය නැත .නමුත් එම මතය සමාජ ගත කර ජනතාව මුලා කරමින් බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට යම් කෙනෙක් උත්සහ දරයි නම් එය බරපතල තත්වයකි ..මේ වනවිට තමාට භාවනා කිරීමේදී ලැබුන සමාපත්තියක් නිසා තමාට අමුතුම දෙයක් දැනෙන බව මීවන පලානේ සිරි ධම්මාලංකාර හිමියන් පවසයි
                                                          මෙය අපි මෙතෙක් කාලයකට නෑසූ කතාවකි .උන්වහන්සේ සදහන් කරන්නෙ සිදුහත් බෝසතානන්ගේ උපත සිදුවූවේ ලංකාවේ බවයි .මෙම සිතුවිල්ල උන්වහන්සේට ලැබී ඇත්තේ කලින් සදහන් කරාක් මෙන් භාවනා කීරිමේදී ලැබුනු සමාපත්තියක් නිසාය .මෙම තර්කය සනාථ කිරීම සදහා බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සිදුවූ ස්තාන ලංකාවේ ඇති බව ප්‍රකාශ කිරීමට අත්පත්‍රිකා සහ පොත් මුද්‍රණය කරමින් බෙදා හරිමින් සිටියි .මෙහි ප්‍රචාරක කටයුතු කරනු ලබන්නේ එක්තරා වෛද්‍ය වරයෙකි .මේ වන විටත් මේ මතයට ලොකු පිරිසක් එකතු කර ගැනීමට සමත් වී ඇත .එම පිරිස එම මතය අන්තර්ජාලය හා ඉන් පිටත ගිරවුන් මෙන් ප්‍රකාශ කරමින් යයි . මීවන පලානේ හිමියන් තමාගේ ජීවිතයේ සැදෑ සමයේ මහන දම් පිරීමට පැමිණි කෙනෙකි .තම ගුරු ස්වාමින් වහන්සේගේ නම පවා සදහන් කිරීමට මුන් වහන්සේ අකමැත්තක් පලකරයි .බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත් පසුවත් තමාගේ කලින් ගුරුවරුන්ගේ නම් ප්‍රකාශ කිරීමය පසුබට ඌවේ නැත .එසේනම් මුන්වහන්සේට එසේ ප්‍රකාශ කිරීමට නොහැක්කේ මන්ද යන්න ගැටලුවක් පැන නගී .                            මෙවන් බරපතල ප්‍රකාශයක් කිරීමේදී එය වගකීමෙන් කලයුතුය .කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නොමැතිව මෙසේ ප්‍රකාශ කරීමට හැකිද ?..මෙය මුන්වහන්සේට හැගෙන මතයක් නිසා මෙය වෙනස් වීමටද බැරි නැත .ඒ වන විට බුදු දහමට විය යුතු දේ සිදුවී හමාර වීමට පුලුවන .ඉතිහාසය ගැන කැණීම් කරනු ලබන්නේ පුරාවිද්‍යාව පිලිබදව මනා දැනුමක් ඇති පුද්ගලයන් විසිනි .එයට නිශ්ෂිත වැඩ පිලිවෙලක් තිබේ .මෙතරම් කාලයක් ( අවුරුදු 2600 ) රැකගෙන ආ බෞද්ධ උරුමය මුන් වහන්සේ එක හෙලා ප්‍රතික්ෂේප කරයි .අනුරාධපුරේ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ ඉන්දියාවේ සිට රැගෙන අවේ නැති බවත් එහි ප්‍රධාන බෝධින් වහන්සේ ඇත්තේ හිරිවඩුන ප්‍රදේශයේ බවද ප්‍රකාශ කරයි .සංඝමිත්තා තෙරනිය එය හිරිවඩුනේ සිට අනුරාධ පුරයට රැගෙන ගිය වගත් ප්‍රකාශ කරයි .මෙම කතා ඉහමුදුනින් පිලිගන්න පිරිසක් සිටීම කනගාටුවට කරුනකි . 
                                    මීවන පලානේ හිමියන් සදහන් කරන්නෙ පංච ශීලය .අට සිල් ,දසසිල් යනු බොරුවක් බවයි .බුදුන් වහන්සේ ගිහිපිරිසට නිති පන්සිල් පොහොය අටසිල් යනුවෙන් දේශනා කලවග මුන් වහන්සේ නොදන්නවා වෙන්නට පුලුවන .බෞද්ධය පංච ශීලයෙන් ඈත්කිරීමට ගත් ලෙස මෙය හැදින් වීමට පුලුවන .සිංහල බෞද්ධ ඉතිහාසය වෙනස් කරමින් ,බුදු දහම අතුරු දහන් කිරීමට ගන්නා මේ උත්සාහටය සියළුම ස්වාමින් වහන්සේලා ඇතුලු බෞද්ධ ජනතාව විරුද්ධ විය යුතුය .මෙම කල්ලිය පිටුපස අන්‍යගමික සංවිධාන හෝ මූලධර්ම වාදීන සිටීමට පුලුවන් .අවුරුදු 2600ක් පුරාවර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුලු ගිහි ජනතාව ආර්ක්ෂා කරගෙන පැමිනි බුදු දහම සහ අපේ ඉතිහාසය විකුර්ති කරනතෙක් අප බලා සිටිමුද ..? මෙම හිමි නම ත්‍රිපිටකය යනු බොරුවක් එහි ධර්මය සදහන් වී නැත සත්‍ය ප්‍රකාශ කරන්නෙ මා පමණක් බව ප්‍රකාශ කිරීමටද බැරි නැත .
තමාට හිතෙන දේ හෝ දැනෙන දේ තමා ලග තබාගෙන කටයුතු කලාට අපට කම් නැත .ඉතිහාසය විකුර්ති කරමින් බෞද්ධයා මුලා කර බුදු දහම අතුරු දහන් කිරීමට එරෙහිව බෞද්ධ ජනතාව පෙලගැසිය යුතුය .පිටින් එන බළවේග වලට වඩා ඇතුලෙන්ම එන අභියෝග වලට කල හැකි දේ බොහොමයි .නිර්මල බුදු දහමත් ඉතිහාසයත් විකුර්ති නොකරන ලෙස මෙම කණ්ඩායමෙන් අප ඉල්ලා සිටිමු
.....බුදු සසුන බැබලේවා ....!!!

2 comments:

  1. මොනවද මේ ලිපියේ තියෙන්නේ කෝ සනාථ කිරීම් එකක්වත් නෑනේ. නිකන් ඉන්දියාවේ කිව්වට කවුද පිලිගන්නේ?

    ReplyDelete
  2. අද විශේෂයෙන් බුදු දහම තුලට බටහිර මතවාදා රිංගවලා තියෙනව සමහර බොරු උගතුන් විසින්. මේ අය බොහොමයක් නූතන මොඩ් බෞද්ධයන්.

    ReplyDelete