ගයාන් පෙරේරා පිටුපස ඊ නිවුස් _ඊ නිවුස් පිටුපස කොටි ..?

                          අපි හිතුවට වඩා ගයාන් පෙරේරගෙ සින්දුව හදල තියෙන්නෙ සංවිධානාත්මකව ..එහෙම කියන්න හේතුව මේ දිනවල ගයාන් වෙනුවෙන් පෙනී ඉදගෙන ගයාන්ට කඩේ යන්නෙ ලංකා ඊනිවුස් (කොටි නිවුස් ) සංවිධානයයි ..අපි ටිකක් හොයල බැලුව කවුද මේ ඊ නිවුස් කරන්නෙ කියල මේ ජාලය ක්‍රියාත්මක වෙන්නෙ එංගලත්තයේ ඉදල යුධය තිබුන කාලේ අපේ රණ වීරුවන් යුධ අපරාධ කරයි කියල කෑ ගැහුවෙත් මේ කොටි අවතාරෙම තමා ..මේ මාධ්‍යජාලයෙන් ගරු ජනාධිපති තුමාටත් මඩ ගහන්න යොදා  ගන්නව ..අපි කිසිම පක්ෂයකට කඩේ යන්නෙ නම් නෑ අපිට මහින්ද මහත්මයත් වටිනව සරත් ෆොන්සේක මහත්මයත් වටිනව නමුත් මොවුන්ගේ  අරමුණ වෙලා තියෙන්නෙ ලංකාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක් කරන්න කියන එක නම් පැහැදිලියි ...
           අපේ ආශිර්වාද ගාථාවක් ගයාන් පෙරේරගෙ සින්දුවකට යොදා ගත්ත එක වැරදියි කියල මේ වෙනකොට ආගම් ජාති භේදයකින් තොරව ජනතාව පිලිඅරන් තියෙනව .නමුත් මේ කොටි නිවුස් එම ක්‍රියාව සාධාරනය කරමින් ලොකු හඩක් නගනව .ඒකෙන් අපිට පේන්නෙ සිංහල සංස්කෘතියට මෙය හිතා මතාම එල්ල කල ප්‍රහාරයක් ලෙසයි ..සමහරෙක් කියනයව අපි ගයාන්ගෙ ගීතයට විරුද්ධ උනේ ඔහු නව පරපුරේ නැගී එන ගායකයෙක් නිසා ඉරිසියාවට කියල ...ගයාන්ගෙ මේ පලමු ගීතය නොවේ .ඔහු කලින් කල නිර්මාණ වලට අප විරුද්ධ වුවේ නැත ..අපි විරුද්ධ ඔවු ආශිර්වාද ගාථාවක් යොදා නිර්මාණය කල ගීතයටයි .මෙම ගීතය තහනම් කල යුතුයි .එසේත් නැතිනම් මේ ගාථාව ගීතයෙන් ඉවත් කල යුතුයි .
                                                 මේම වැරදි පූර්වාදර්ශය සාධාරණී කරන ඊ නිවුස් අපේ ගරුතර ස්වාමින් වහන්සේලාටද අපහාස කිරීමට පටන් ගෙන තිබේ එය ඔවුන්ගේ මාධ්‍ය හරහා ජයටම කරගෙන යයි ..ගයාන් පෙරේරා ධර්ම රත්නයට අපහාස කරද්දී කොටි නිවුස් සංඝ රත්නයට අපහාස කරයි .අපි නිහඩව බලා සිටියොත් දැනට හැන්ගි හැගි  අපහාස කරත් ඉදිරියේදී ප්‍රසිද්ධියෙම බුදුන් වහන්සේටද අපහාස කිරීමට බැරි නැත එදාටත් අපට වන්නේ නිහඩව බලා සිටිමද ..? මෙම ගාථාව විකුර්ති කරමින් තිලින අලහකෝන් නැමැත්තා ක්‍රිස්තියානි ආගමේ ගාථාවක් ලෙස සකස් කර තිබේ .......එසේනම් මෙය ගයාන්ගේ නොදැනුවත් කමට වූවක් යයි කියන්නෙ කෙසේද ?                            
ලොකයේ ජීවත් වන සියලු ජනතාවගෙන් මහජාතියක් ලෙස  මූල ධර්මවාදීන්ගේ තාඩන පීඩනව වලට ලක්වන එකම ජාතිය සිංහල ජාතියයි ..මෙය මහා අවසනා වන්ත තත්වයක් මේ ගැන හඩක් නගන අපේ ස්වාමින් වහන්සේලට මඩ ගැසීම ඊ නිවුස් හෙවත් කොටි නිවුස්ලා ගැන වගකිව යුත්තන් පියවරක් ගත යුතුය .කිසියම් ආගමක නායකයෙකුට හෝ පූජක වරයෙකුට කතා කරන විලාසයක් තිබේ කොටි නිවුස් කාරය දැන් එංගලන්තෙ හිටියට ඔවු ඉපදුනේ ලංකාවේ වග අමතක වී ඇත .එවන් ජඩ ,තුච්ච අසික්කිත මාධ්‍යයක් ගයාන් පෙරේර වෙනුවෙන් පෙනී සිටීමෙන් සියලු දෙනාගෙම හෙලුව අපූරුවට පෙනේ ..ගරු ජනාධිපති තුමනි ...ගයාන්ගේ මෙම ගීතය තහනම් කිරීමට ගත යුතු පියවරයන් ගන්න .එසේත් නැතිනම් සිංහල ජාතියයි සංස්කෘතියයි නැත්තටම නැතිවන දිනය වැඩි ඇතක නොවේ ....
                                       මෙය රාජ්‍ය නොවන සංවිධාන වල ඕනෑ කමට සිදුවන දේවල්ය ඊ නිවුස් වලට මුදල් ලැබෙන්නෙ කොටින්ගෙනි අපිට ජාතිය බේරා ගැනීමට ලොකු සටනක් කිරීමට සිදුව තිබේ ..මේ ගැන ඔබේ මිතුරන් දැනුවත් කරන්න මේ ලිපිය කියවා මිතුරන් අතර බෙදා හරින්න ..ශ්‍රී ලංකාව ඔබේත් මගේත් මව් බිමයි අපිට මේ රට හැර වෙන රටවල් නැත .මේ මොහොතේ එකා මෙන්ම නැගිට මේ බලවේගයට මුහුන දෙමු ඔබේ අදහස් යෝජනා චෝදනා ඇත්නම් කොමෙන්ටුවක් ලෙස පහතින් යොදන්න                   ගයාන්ගේ ගීතය ගැන සහ කොටි නිවුස් ගැන වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා ...පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ .
.

No comments:

Post a Comment